۞ وَقَالَ ٱرْكَبُوا۟ فِيهَا بِسْمِ ٱللَّهِ مَجْر۪ىٰهَا وَمُرْسَىٰهَآ ۚ إِنَّ رَبِّى لَغَفُورٌۭ رَّحِيمٌۭ
එයට ඔහු (තමන්ට ලැදි අයට) මෙය යාත්රා කිරීමටද, මෙය නතර කිරීමටද බලසම්පන්නයෙකු වන අල්ලාහ්ගේ ශුද්ධ වූ නාමය පවසා මෙහි ඔබ නැග ගනු. නියත වශයෙන්ම මගේ දෙවියන් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා දයාව පහළ කරන්නෙකු වශයෙන් සිටින්නේය” යයි පවැසුවේය.
නූහ් තුමාගේ සමූහයා හා පවුල අතරින් දෙවියන් විශ්වාස කළවුනට හෙතෙම මෙසේ පැවසීය. "නුඹලා නැවට ගොඩ වනු. අල්ලාහ්ගේ නාමයෙන් නැව යාත්රා කරනු ඇත. ඔහුගේ නාමයෙන් එය නතර වනු ඇත. සැබැවින්ම මාගේ පරමාධිපති තම ගැත්තන් අතර පසුතැවිලි වී පාපක්ෂමාව අයැද සිටින්නන් හට අති ක්ෂමාශීලීය. ඔහු ව විශ්වාස කළවුන් එම විනාශයෙන් මුදවා ගැනීම ඔවුන් කෙරෙහි දැක්වූ ඔහුගේ ආශිර්වාදයකි."