Muslim99Muslim99
← Tafsir library

11. Hud

Hud · Meccan · 123 ayahs

سُورَةُ هُودٍ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 31–40 of 123

31

وَلَآ أَقُولُ لَكُمْ عِندِى خَزَآئِنُ ٱللَّهِ وَلَآ أَعْلَمُ ٱلْغَيْبَ وَلَآ أَقُولُ إِنِّى مَلَكٌۭ وَلَآ أَقُولُ لِلَّذِينَ تَزْدَرِىٓ أَعْيُنُكُمْ لَن يُؤْتِيَهُمُ ٱللَّهُ خَيْرًا ۖ ٱللَّهُ أَعْلَمُ بِمَا فِىٓ أَنفُسِهِمْ ۖ إِنِّىٓ إِذًۭا لَّمِنَ ٱلظَّٰلِمِينَ

“අල්ලාහ්ගේ නිධානයන් (සියල්ල) මා වෙත ඇත්තේය යයිද මා ඔබ වෙත පැවසුවේ නැත. මා ගුප්ත දැය දන්නෙකුද නොව. මා මලායිකාවරයෙකු යයි පැවසුවේද නැත. කවුරුන්ව ඔබගේ දෑසට දීන වූවන් වශයෙන් දකින්නේද, ඔවුන්ට අල්ලාහ් කිසිවක් ලබා දෙන්නේ නැතැයිද, මා පවසන්නේ නැත. ඔවුන්ගේ සිත් තුළ ඇති (විශ්වාසය ඔබට වඩා) අල්ලාහ්ම හොඳින් දන්නෙකි. (මෙයට වෙනස්ව යම් කිසිවක් පැවසුවහොත්) නියත වශයෙන්ම මමත් ඒ අවස්ථාවේදීම අපරාධකාරයින්ගෙන් කෙනෙකු බවට පත් වන්නෙමි” (යයිද පැවසුවේය).

අහෝ ජනයිනි! නුඹලා විශ්වාස කළෙහු නම් නුඹලා වෙත වියදම් කරනු වස් සම්පත් ඇති අල්ලාහ්ගේ භාණ්ඩාගාරයක් මා වෙත ඇතැයි මම නුඹලාට නොපවසමි. එමෙන්ම ගුප්ත දෑ පිළිබඳ මා දන්නා බවද නොපවසමි. තවද සැබැවින්ම මම සුර දූතයින් අතර අයෙක් බව ද නොපවසමි. මා නුඹලා මෙන් මිනිසෙකි. තවද නුඹලා අවමානයක් යැයි සිතන නුඹලාගේ දෑසින් නුඹලා පහත් අය ලෙස දකින දිළිඳුන් ගැන, ඔවුනට අල්ලාහ් ආශිර්වාදයක් හෝ මඟ පෙන්වීමක් කිසිවිටෙක පිරි නොනමනු ඇතැයි මම නොපවසමි. ඔවුන්ගේ චේතනාවන් හා ඔවුන්ගේ තත්ත්වයන් පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. මම එසේ ඇරයුම් කර සිටියේ නම් අල්ලාහ්ගේ දඬුවම නියම වන අපරාධකරුවන් අතරට මා ද පත්වෙමි.

32

قَالُوا۟ يَٰنُوحُ قَدْ جَٰدَلْتَنَا فَأَكْثَرْتَ جِدَٰلَنَا فَأْتِنَا بِمَا تَعِدُنَآ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ

එයට ඔවුන් “ඕ නූහ්! නියත වශයෙන්ම ඔබ අප සමග තර්ක කරන්නෙහුය. (එයද) අධික වශයෙන්ම අප වෙත තර්ක කළෙහුය. (එබැවින් මින් පසු තර්කයෙන් ඈත් වී දඬුවම පැමිණේවි යයි පැවසීමෙහි) ඔබ (ඇත්තෙන්ම) ඇත්ත කියන්නෙකු වශයෙන් සිටින්නෙහි නම්, ඔබ බිය ගන්වන එය අප වෙත ගෙන එනු” යයි පැවසූහ.

ඔවුහු මුරණ්ඩුකමින් හා උද්දච්ඡකමින්: “අහෝ නූහ්! සැබැවින්ම නුඹ අප සමග වාද කරන්නෙහිය. අප ගැන විමසා බලන්නෙහිය. අප සමග වාද කිරීමත් අප ව විමර්ශනය කර බැලීමත් අධික වී ඇත. නුඹ ඇරයුම් කරන දෑහි නුඹ සත්යවාදීන් අතර වී නම් අප වෙත ප්රතිඥා කරන දඬුවම අප වෙත ගෙන එන්නැ"යි ඔවුන් පැවසුවෝය.

33

قَالَ إِنَّمَا يَأْتِيكُم بِهِ ٱللَّهُ إِن شَآءَ وَمَآ أَنتُم بِمُعْجِزِينَ

(එයට) ඔහු “(දඬුවම් ගෙන එන්නා මා නොව); අල්ලාහ්ය. ඔහු අදහස් කළහොත් නියත වශයෙන්ම (ඉතාමත් ඉක්මනින්) එය ඔබට ගෙන එනු ඇත. ඔබට (එය) වැළැක්විය නොහැක” යයි පැවසුවේය.

"මම නුඹලාට දඬුවම් කරන්නෙක් නොවෙමි. නුඹලාට එය ගෙන දෙනුයේ අල්ලාහ්ය. එය ඔහුගේ අභිමතය පරිදිය. නුඹලාට දඬුවමක් ලබා දීමට අල්ලාහ් සිතුවේ නම් ඔහුගේ දඬුවමින් මිදීමේ හැකියාව නුඹලාට නොමැත." යැයි ඔවුන්ට නූහ් පැවසීය.

34

وَلَا يَنفَعُكُمْ نُصْحِىٓ إِنْ أَرَدتُّ أَنْ أَنصَحَ لَكُمْ إِن كَانَ ٱللَّهُ يُرِيدُ أَن يُغْوِيَكُمْ ۚ هُوَ رَبُّكُمْ وَإِلَيْهِ تُرْجَعُونَ

තවද “මා ඔබට හොඳ ඔවදන් දීමට අදහස් කළා වුවද, ඔබව දුර්මාර්ගයෙහිම අත්හැර දැමිය යුතුය යයි අල්ලාහ් කැමති වූවේ නම්, මගේ හොඳ ඔවදන් ඔබට කිසිම ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත. ඔහුම ඔබව උත්පාදනය කර, පෝෂණය කරන්නාය. (විනිශ්චය දිනදී) ඔහු වෙතම ඔබව ගෙන එනු ලබන්නෙහුය” (යයිද පැවසුවේය).

"නුඹලා ඍජු මාර්ගයෙන් නොමඟ යෑමටත් නුඹලාගේ මුරණ්ඩුකම හේතුවෙන් නුඹලාව යහමගින් පහත් කිරීමටත් අල්ලාහ් අපේක්ෂා කළේ නම් මාගේ උපදෙස හෝ මාගේ මෙනෙහි කිරීම හෝ නුඹලාට ප්රයෝජනවත් වන්නේ නැත. ඔහු නුඹලාගේ පරමාධිපතිය. නුඹලාගේ කටයුතු සියල්ලෙහි හිමිකරුය. ඔහු අභිමත කළේ නම්, නුඹලා නොමග යෑමට ඉඩ හරියි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙත පමණි. අනතුරුව නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.

35

أَمْ يَقُولُونَ ٱفْتَرَىٰهُ ۖ قُلْ إِنِ ٱفْتَرَيْتُهُۥ فَعَلَىَّ إِجْرَامِى وَأَنَا۠ بَرِىٓءٌۭ مِّمَّا تُجْرِمُونَ

(නබියේ! මෙම ඉතිහාසය ගැන) “ඔහු මෙය (බොරු ගොතා) මනක්කල්පිතව පැවසුවේය” යයි ඔවුන් පවසන්නෙහුද? (එසේ නම්), ඔබ මෙසේ පවසනු: “මා එය මනක්කල්පිත කර පැවසුවේ නම්, එම වැරැද්ද මා වෙතම ඇවිත් සේන්දු වනු ඇත. (ඔබ වගකිව යුත්තන් නොව; එසේම) ඔබ (මනක්කල්පිත) කරන වැරදිවලට මා වගකිව යුත්තෙකු නොව”.

නූහ්ගේ ජනයා ප්රතික්ෂේප කිරීමට හේතුව සැබැවින්ම ඔහු ගෙන ආ දහම අල්ලාහ් වෙත ගොතා පැවසූවක් බව ඔවුන් විශ්වාස කිරීමය. "අහෝ දූතය! නුඹ ඔවුනට, "මම එය ගෙතුවේ නම් මාගේ පාපයේ දඬුවම මා වෙත පමණක් පැවරෙන්නේය. නුඹලා බොරු කරමින් සිටින කිසිවකගේ පාප බර මම නුඋසුලන්නෙමි’ යැයි පවසනු."

36

وَأُوحِىَ إِلَىٰ نُوحٍ أَنَّهُۥ لَن يُؤْمِنَ مِن قَوْمِكَ إِلَّا مَن قَدْ ءَامَنَ فَلَا تَبْتَئِسْ بِمَا كَانُوا۟ يَفْعَلُونَ

(නබි) නූහුට වහී දැනුම් දෙන ලදී: “කළින් විශ්වාසය තැබූවන් හැර, (මින් පසු) ඔබගේ ජනතාවගෙන් කිසිවෙකුත් නියත වශයෙන්ම විශ්වාසය තබන්නේම නැත. එබැවින් ඔවුන්ගේ වැඩ කටයුතු ගැන ඔබ දුක් නොවනු”.

"අහෝ නූහ්! මීට පෙර විශ්වාස කළවුන් හැර නුඹේ ජනයා අතර කිසිවෙකු විශ්වාස නොකරන්නේමය. එහෙයින් නූහ්! මේ දිගු කාලය තුළ ඔවුන් බොරු කරමින් හා හෑල්ලුවට ලක් කරමින් කළ ක්රියාවන් හේතුවෙන් නුඹ දුක් නොවනු." යැයි අල්ලාහ් නූහ් (අලයිහිස් සලාම්) තුමා වෙත දේව පණිවිඩ පහළ කළේය.

37

وَٱصْنَعِ ٱلْفُلْكَ بِأَعْيُنِنَا وَوَحْيِنَا وَلَا تُخَٰطِبْنِى فِى ٱلَّذِينَ ظَلَمُوٓا۟ ۚ إِنَّهُم مُّغْرَقُونَ

“අපි දැනුම් දෙන්නාක් මෙන් අපගේ ඇස් ඉදිරියේම ඔබ (ලීවලින් වූ) නැවක් සාදනු. අපරාධ කරන්නන් ගැන (මින් පසු) ඔබ මා සමග (මැදිහත් වී) කතා නොකරනු. නියත වශයෙන්ම ඔවුන් (විශාල ජල ගැල්මෙහි) ගිල්වා දමනු ලබන්නෙහුය” (යයිද දැනුම් දෙන ලදී).

"අපගේ අධීක්ෂණය හා ආරක්ෂාව යටතේ නුඹ නැව තනනු. එය කෙසේ සෑදිය යුතු දැයි අපගේ දේව පණිවිඩ මගින් අපි ඔබ දැනුවත් කරමු. දේව ප්රතික්ෂේපය හේතුවෙන් තමන්ටම අපරාධ කරගත් අයට අවකාශය ලබා දෙන මෙන් ඔබ මගෙන් ඉල්ලා මා සමග කතා නොකරනු. ඔවුන් දේව ප්රතික්ෂේපය මත අඛණ්ඩ ව සිටි බැවින් ඔවුනට දඬුවමක් වශයෙන් කිසිදු සැකයකින් තොරව මහා ජල ගැල්මෙන් ඔවුන් ගිලී විනාශ වී යනු ඇත."

38

وَيَصْنَعُ ٱلْفُلْكَ وَكُلَّمَا مَرَّ عَلَيْهِ مَلَأٌۭ مِّن قَوْمِهِۦ سَخِرُوا۟ مِنْهُ ۚ قَالَ إِن تَسْخَرُوا۟ مِنَّا فَإِنَّا نَسْخَرُ مِنكُمْ كَمَا تَسْخَرُونَ

ඔහු (එම ලී) නැව ඉදි කරමින් සිටින අවස්ථාවේදී ඔහුගේ ජනතාවගේ ප්‍රධානීන් ඒ අසළින් ගිය සෑම විටම ඔහුට සමච්චල් කළහ. එයට ඔහු “ඔබ අපව සමච්චල් කළහොත් ඔබ (මේ අවස්ථාවේදී) අපව සමච්චල් කරන මේ ආකාරයටම නියත වශයෙන්ම (ඉතාමත් ඉක්මනින්) අපිත් ඔබව සමච්චල් කරන්නෙමු” යයි පැවසුවේය.

නූහ් ඔහුගේ පරමාධිපතිගේ නියෝගය පිළිපැද්දේය. නැව සාදන්නට ඇරඹුවේය. ඔහුගේ ප්රජාව අතර සිටි ප්රධානීන් හා ප්රභූවරුන් ඒ අසළින් ගමන් ගන්නා සෑම අවස්ථාවකම ඔහුට සරදම් කළෝය. එතුමා නැව තනන්නට ක්රියා කළ කල්හි එම භූමියේ ජලය හෝ ගංගාවන් හෝ නොවීය. ඔවුන්ගේ සරදම නැවත නැවතත් ඇති වූ කල්හි ඔහු, "අහෝ ප්රධානියනි! අප නැව තනන දිනයේ අප ගැන නුඹලා සමච්චල් කරන්නේ නම් නුඹලා දියේ ගිලී යන මොහොත උදා වන විට නුඹලාගේ අඥානකම නිසාවෙන් අපි නුඹලා සමච්චලයට ලක් කරන්නෙමු." යැයි පැවසීය.

39

فَسَوْفَ تَعْلَمُونَ مَن يَأْتِيهِ عَذَابٌۭ يُخْزِيهِ وَيَحِلُّ عَلَيْهِ عَذَابٌۭ مُّقِيمٌ

තවද “අවමන් ගෙන දෙන දඬුවම කවුරුන්ව පැමිණ ළඟා වන්නේද; ස්ථීර වූ දඬුවම කවුරුන් කෙරෙහි ඇත්තේද යන්නද, ඉතා ඉක්මනින් ඔබ (සැකයෙන් තොරව) දැන ගන්නෙහුය” (යයිද පැවසුවේය).

තමන් අවමානයට පත් කරන හෑල්ලුවට ලක් කරන මෙලොවෙහි දඬුවම පැමිණෙන්නේ කවුරුන් වෙත දැයි ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අඛණ්ඩ ව සදා පවතින දඬුවම පහළ වන්නේ කවුරුන් වෙත දැයි ද නුඹලා මතු දැනගනු ඇත.

40

حَتَّىٰٓ إِذَا جَآءَ أَمْرُنَا وَفَارَ ٱلتَّنُّورُ قُلْنَا ٱحْمِلْ فِيهَا مِن كُلٍّۢ زَوْجَيْنِ ٱثْنَيْنِ وَأَهْلَكَ إِلَّا مَن سَبَقَ عَلَيْهِ ٱلْقَوْلُ وَمَنْ ءَامَنَ ۚ وَمَآ ءَامَنَ مَعَهُۥٓ إِلَّا قَلِيلٌۭ

එබැවින් අපගේ අණ ළඟා වී ලිපෙහි වතුරු උණු වී උතුරණ විට, (නූහුට “සෑම ජීවියෙකුගෙන්ම ගැහැනු පිරිමි) දෙකෙන්ම සමන්විත ජෝඩුවක්ම එහි පටවා ගනු. (විනාශ වී යනු ඇත යන අපගේ) පොරොන්දුව ඇති වූ (ඔබගේ පුතා ආදී) අය හැර, ඔබගේ පවුලේ උදවියද, (අනිත්) විශ්වාසවන්තයින්වද එහි පටවා ගනු” යයි අපි පැවසුවෙමු. ඉතාමත් සුළු මිනිසුන් සංඛ්‍යාවක් හැර, (අන් අය) ඔහු සමග විශ්වාසය තැබුවේ නැත.

නැව තනන්නට අල්ලාහ් නියෝග කළ පරිදි නූහ් (අලය්හිස් සලාම්) තුමා නැව සාදා අවසන් කළේය. අවසානයේ නුඹලා විනාශ කිරීමේ අපගේ නියෝගය පැමිණියේය. මහා ජල ගැල්මක ආරම්භය සනිටුහන් කරමින් ඔවුන් පිසිමින් සිටි ලිප්වලින් ජලය උතුරා ගලන්නට පටන් ගත්තේය. එවිට අපි නූහ් (අලය්හිස් සලාම්)ට මෙසේ පවසා සිටියෙමු. "මහපොළොවේ වෙසෙන සත්වයින් අතර ගැහැණු පිරිමි ජෝඩුවක් බැගින් නැව තුළට නංවා ගනු. නුඹේ පවුල අතරද ඇතැමුන් විශ්වාස නොකළ බැවින් ගිලිය යුතු යැයි තීන්දු කරනු ලැබූවන් හැර සෙසු පවුලේ උදවිය ද නංවා ගනු. එමෙන්ම නුඹගේ ජනයා අතර නුඹ සමග සිටි විශ්වාස කළවුන් ද නංවා ගනු" යැයි පැවසුවෙමු. අල්ලාහ්ව විශ්වාස කරන මෙන් ඔහු ඔවුන් ඇරයුම් කරමින් රැඳී සිටි දිගු කාලය තුළ, ඔහුගේ සමූහයා අතරින් ඔහු සමග දෙවියන් විශ්වාස කළවුන් සිටියේ සුළු පිරිසක් පමණය.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.