Muslim99Muslim99
← Tafsir library

11. Hud

Hud · Meccan · 123 ayahs

سُورَةُ هُودٍ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 21–30 of 123

21

أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُمْ وَضَلَّ عَنْهُم مَّا كَانُوا۟ يَفْتَرُونَ

මෙවැන්නන්ම තමන්ට තමන්ම පාඩුවක් ඇති කර ගත් අයයි. මොවුන් මනක්කල්පිත කරමින් සිටි (දෙවිවරුන්) සියල්ල (එදින) ඔවුන්ගෙන් සැඟවී යනු ඇත.

මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවන් වන මොවුහු අල්ලාහ්ට සමානයන් තබමින් විනාශයේ කරුණු සිදු කිරීම තුළින් ඔවුන්වම විනාශ කර ගත්තෝ වෙති. ඔවුන් මැදිහත්කරුවන් හා හවුල්කරුවන් ලෙස ප්රබන්ධයන් ඇති කරමින් සිටි දෑ ඔවුන්ගෙන් පහව ගොස් ඇත.

22

لَا جَرَمَ أَنَّهُمْ فِى ٱلْءَاخِرَةِ هُمُ ٱلْأَخْسَرُونَ

පරලොවදී නියත වශයෙන්ම මොවුන් පරාජය අත් කර ගත් අය යන්නෙහි කිසිම සැකයක් නැත.

දේව විශ්වාසය වෙනුවට දේව ප්රතික්ෂේපයත් මතුලොව වෙනුවට මෙලොවත්, දයාව වෙනුවට දඬුවමත් ඔවුන් පෙරළා පැතූ පරිදි සැබෑ ලෙසින්ම ඔවුන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගනුදෙනු කරනුයේ අලාභවන්තයින් ලෙසය.

23

إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ وَأَخْبَتُوٓا۟ إِلَىٰ رَبِّهِمْ أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلْجَنَّةِ ۖ هُمْ فِيهَا خَٰلِدُونَ

කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කර, තමන්ගේ දෙවියන්ට ඉතාමත් යටහත් පහත් වන්නෝද, ඔවුන් නියත වශයෙන්ම ස්වර්ගවාසීන්ය! එහි ඔවුන් සදහටම ස්ථීර වන්නාහ.

සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කොට අල්ලාහ්ට යටහත් පහත් ව භක්තියෙන් යුතුව කටයුතු කළවුන් වනාහි, ඔවුහුමය ස්වර්ග වාසීහු වන්නෝ. ඔවුහු එහි සදා රැඳී සිටිති.

24

۞ مَثَلُ ٱلْفَرِيقَيْنِ كَٱلْأَعْمَىٰ وَٱلْأَصَمِّ وَٱلْبَصِيرِ وَٱلسَّمِيعِ ۚ هَلْ يَسْتَوِيَانِ مَثَلًا ۚ أَفَلَا تَذَكَّرُونَ

මෙම (කොට්ඨාශයන්) දෙකෙන් (එක්) කොට්ඨාශයක් අන්ධයාද, බිහිරි අයද (මෙන් සිටින්නාහ. තවත් කොටසක්) ඇස් පෙනීම ඇත්තාටද, කණ් ඇසෙන්නාටද සම වන්නේය. මෙම කොට්ඨාශයන් දෙක සම වන්නේද? (මෙම උදාහරණය මගින්) හොඳ වැටහීමක් ලබා ගත යුතු නොවේද?

දේව විශ්වාසී ජනයා හා දේව ප්රතික්ෂේප කරන ජනයා යන දෙපිරිසට උපමාව, දැකිය නොහැකි අන්ධයා හා සවන් දිය නොහැකි බිහිරා මෙනි. මෙය, සත්ය පිළිගන්නා පරිදි එයට සවන් නොදෙන, තමන්ට ප්රයෝජනවත් වන පරිදි එය නොදකින ප්රතික්ෂේපිත පිරිසට අයත් උපමාවයි. සවන් දෙන්නා හා බලන්නාගේ උපමාව වනාහි සවන් දීම හා බැලීම යන කරුණු දෙක එක් කර බලන දේව විශ්වාසීන්ට අයත් උපමාවයි. තත්ත්වයෙන් හා ස්වරූපයෙන් මෙම පිරිස් දෙක සමාන වන්නේ ද? එම පිරිස් දෙක සමාන නොවෙති. ඔවුන් සමාන නොවන බව නුඹලා වටහා ගත යුතු නොවේ ද?

25

وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِۦٓ إِنِّى لَكُمْ نَذِيرٌۭ مُّبِينٌ

ඇත්තෙන්ම අපි නූහු ව ඔහුගේ ජනතාව වෙත (අපගේ දූතයා වශයෙන්) යැවුවෙමු. ඔහු (ඔවුන්ට) “නියත වශයෙන්ම මා ඔබට ප්‍රසිද්ධියේම බිය ගන්වා අනතුරු අඟවන්නෙමි”.

සැබැවින්ම අපි නූහ් ව (අලයිහිස් සලාම්) ඔහුගේ සමූහයා වෙත දහම් දූතයෙකු ලෙස එව්වෙමු. එවිට ඔහු ඔවුන් අමතා, "මාගේ ජනයිනි! සැබැවින්ම මම නුඹලාට අල්ලාහ්ගේ දඬුවම ගැන අවවාද කරන, නුඹලා වෙත දැනුම් දෙන මෙන් මා වෙත පිරිනමන ලැබූ දේව පණිවිඩ නුඹලාට පැහැදිලි කරන අයෙක්වෙමි" යැයි පැවසීය.

26

أَن لَّا تَعْبُدُوٓا۟ إِلَّا ٱللَّهَ ۖ إِنِّىٓ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ أَلِيمٍۢ

“අල්ලාහ් හැර (වෙන කිසිවක්) ඔබ නොනැමදිය යුතුය. (නැමදුවහොත්) නියත වශයෙන්ම වේදනා ගෙන දෙන දිනදී, දඬුවම් ඔබට (පැමිණෙනු ඇතැයි) මා බිය වන්නෙමි” (යයි පැවසුවේය).

අල්ලාහ්ට පමණක් ගැතිකම් කිරීම සඳහා මම නුඹලා ඇරයුම් කරමි. එහෙයින් නුඹලා ඔහු හැර වෙනත් කිසිවෙකුට නැමදුම් නොකරනු. වේදනීය දිනයක දඬුවම නුඹලා වෙත පැමිණීම ගැන සැබැවින්ම මම බිය වෙමි.

27

فَقَالَ ٱلْمَلَأُ ٱلَّذِينَ كَفَرُوا۟ مِن قَوْمِهِۦ مَا نَرَىٰكَ إِلَّا بَشَرًۭا مِّثْلَنَا وَمَا نَرَىٰكَ ٱتَّبَعَكَ إِلَّا ٱلَّذِينَ هُمْ أَرَاذِلُنَا بَادِىَ ٱلرَّأْىِ وَمَا نَرَىٰ لَكُمْ عَلَيْنَا مِن فَضْلٍۭ بَلْ نَظُنُّكُمْ كَٰذِبِينَ

එයට ඔහුගේ ජනතාවගෙන් වූ ප්‍රතික්ෂේප කරන්නන්ගේ ප්‍රධානීන් (ඔහුට) “අපි ඔබව අප වගේ මිනිසෙකු වශයෙන්ම දකින්නෙමු. තවද අපගෙන් වූ නොසිතන ඉතාමත් දීන වූ අයම මිස, (ගෞරවධෑය අය), ඔබව අනුගමනය කළේ නැත යන්නද අපි දැන සිටින්නෙමු. අපට වඩා ඔබ වෙත යම්කිසි උසස්භාවයක් ඇති බවටද අපි දුටුවේ නැත. තවද ඔබ (සියල්ලන්ම) බොරුකාරයින් වශයෙන්ම අපි අදහස් කරන්නෙමු” යයි පැවසූහ.

ඔහුගේ සමූහයා අතර සිටි දේවත්වය ප්රතික්ෂේප කළ ප්රභූවරුන් හා ප්රධානීහු ඔහු දෙස බලා, “සැබැවින්ම අපට වඩා අමතර දෙයක් ඔබට නොමැති බැවින් ඔබේ ඇරයුමට අපි කිසිවිටෙක පිළිතුරු නොදෙමු. ඔබ අප මෙන් මිනිසෙකු පමණි. එමෙන්ම අප මෙතෙක් දුටු පරිදි අපට මතු වූ දෑ අනුව, අපට වඩා පහත් අය මිස වෙනත් කිසිවකු නුඹ ව පිළිපදිනු අපි දැක නැත. අපි නුඹව පිළිපදින තරමට නුඹලා බල ගන්වන අමතර ධනය, ශ්රේෂ්ඨත්වය හෝ කීර්තිය නුඹලාට නැත. නුඹලා ඇරයුම් කරන දෑහි නුඹලා බොරුකාරයින් ලෙස අපි නුඹලා ව දකිමු” යැයි පැවසූහ.

28

قَالَ يَٰقَوْمِ أَرَءَيْتُمْ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٍۢ مِّن رَّبِّى وَءَاتَىٰنِى رَحْمَةًۭ مِّنْ عِندِهِۦ فَعُمِّيَتْ عَلَيْكُمْ أَنُلْزِمُكُمُوهَا وَأَنتُمْ لَهَا كَٰرِهُونَ

(එයට) ඔහු, (ඔවුන්ට) මෙසේ පැවසුවේය: “(මගේ) ජනතාවෙනි! ඔබ අවධානය කළෙහුද? මගේ දෙවියන්ගේ සාධකයන් කෙරෙහි මා ස්ථාවරව සිටියදී ද, ඔහු තමන්ගේ සන්නිධානයෙන් (නබිත්වය වන මෙම) වරප්‍රසාදය මා හට පහළ කර තිබියදී ද, එය ඔබගේ ඇස් වලට නොපෙධෑ, එය ඔබ පිළිකුල් කර දැමුවහොත් එය අනුගමනය කරන මෙන් මා ඔබට බල කළ හැකිද?”

නූහ් තුමා ඔවුන් දෙස බලා, "මාගේ ජනයිනි! මාගේ සත්යතාව ගැන සාක්ෂි දරන, මාගේ පරමාධිපතිගෙන් වූ සාධකයක් මත මා සිටිය දී, මා ගැන තහවුරු කිරීම නුඹලා වෙත අනිවාර්යය කර තිබිය දී, ඔහු වෙතින් වූ නබිත්වය හා දූත මෙහෙවර මට ආශිර්වාදයක් වශයෙන් පිරිනමා, ඒ ගැන නුඹලා නොහඳුනන පරිදි නුඹලාට සඟවනු ලැබ ඇත්නම්, ඒ ගැන නුඹලා කුමක් පවසන්නේ දැයි මා වෙත දන්වා සිටිනු. ඒ ගැන විශ්වාස කිරීම සඳහා නුඹලා ව අපි බල කරන්නෙමු ද? නුඹලාගේ හදවත් තුළ අපි පිළිකුල් භාවය ප්රවේශ කරන්නෙමු ද? ඒ සඳහා අපි ශක්තිය නොදරමු. දේව විශ්වාසය සඳහා ආශිර්වා ද කරනුයේ අල්ලාහ්ය.

29

وَيَٰقَوْمِ لَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مَالًا ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَى ٱللَّهِ ۚ وَمَآ أَنَا۠ بِطَارِدِ ٱلَّذِينَ ءَامَنُوٓا۟ ۚ إِنَّهُم مُّلَٰقُوا۟ رَبِّهِمْ وَلَٰكِنِّىٓ أَرَىٰكُمْ قَوْمًۭا تَجْهَلُونَ

“තවද (මගේ) ජනතාවෙනි! මේ වෙනුවෙන් මා, ඔබ වෙතින් කිසිම වස්තුවක් (කුලියක් වශයෙන්) ඉල්ලා සිටියේද නැත. මගේ කුලිය අල්ලාහ් වෙතින්ම මිස, (ඔබ වෙත) නැත. (ඔබගෙන් වූ ඉතාමත් දීන වූවන් වුවද කම් නැත), විශ්වාසය තැබූවන්ව මා එළවා දැමිය නොහැක. නියත වශයෙන්ම ඔවුන් තම දෙවියන්ව (ගෞරවාන්විතව) හමු වන්නන් වශයෙන්ම සිටින්නාහ. නමුත් නියත වශයෙන්ම ඔබවම (ඉතාමත් දීන වූ) මෝඩයින් වශයෙන්ම දකින්නෙමි”.

මාගේ ජනයිනි, දූත පණිවිඩය නුඹලාට දන්වා සිටීම සඳහා මුදලක් මම නොපතමි. මාගේ තිළිණය අල්ලාහ් මත මිස නැත. නෙරපා හරින මෙන් මගෙන් නුඹලා ඉල්ලා සිටින දේව විශ්වාසී දිළිඳුන්ගේ සභාවෙන් මා දුරස් වන්නෙක් නොවෙමි. සැබැවින්ම ඔවුන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ පරමාධිපති ව හමුවන්නන් වෙති. ඔවුන්ගේ විශ්වාසය සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමන්නාය. නමුත් දේව විශ්වාසීන් අතර සිටි දුර්වලයින් නුඹලා නෙරපා හරින අවස්ථාවේ, මා නුඹලාව දකිනුයේ මෙම ඇරයුම සැබෑ ලෙසින් වටහා නොගත් පිරිසක් ලෙසිනි.

30

وَيَٰقَوْمِ مَن يَنصُرُنِى مِنَ ٱللَّهِ إِن طَرَدتُّهُمْ ۚ أَفَلَا تَذَكَّرُونَ

“තවද (මගේ) ජනතාවෙනි! මා ඔවුන්ව එළවා දැමුවහොත් (අල්ලාහ් මාව) දඬුවම් නොකරාවිද? ඒ අවස්ථාවේදී අල්ලාහ් වෙතින් මා හට උදව් කරන්නා කවරෙක්ද? (මෙතරම් දැයක්වත්) ඔබ වටහා ගත යුතු නොවේද?”

අහෝ ජනයිනි! කිසිදු පාපයක් සිදු නොකළ දේව විශ්වාසී ජනයා අසාධාරණ ලෙසින් මා පළවා හැරියේ නම් අල්ලාහ්ගේ දඬුවමින් මා වළක්වාලනුයේ කවුරුන් ද? ඒ ගැන කල්පනා කොට නුඹලාට වඩාත් ප්රයෝජනවත් හා වඩාත් යහපත් දෑ වෙත පියනැගිය යුතු නොවේ ද?

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.