Muslim99Muslim99
← Tafsir library

11. Hud

Hud · Meccan · 123 ayahs

سُورَةُ هُودٍ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 101–110 of 123

101

وَمَا ظَلَمْنَٰهُمْ وَلَٰكِن ظَلَمُوٓا۟ أَنفُسَهُمْ ۖ فَمَآ أَغْنَتْ عَنْهُمْ ءَالِهَتُهُمُ ٱلَّتِى يَدْعُونَ مِن دُونِ ٱللَّهِ مِن شَىْءٍۢ لَّمَّا جَآءَ أَمْرُ رَبِّكَ ۖ وَمَا زَادُوهُمْ غَيْرَ تَتْبِيبٍۢ

මොවුන්ගෙන් කිසිවෙකුටත් අපි අපරාධයක් කළේ නැත. එහෙත් ඔවුන් තමන්ට තමන්ම අපරාධ කර ගත්හ. ඔබගේ දෙවියන්ගේ අණ පැමිණි අවස්ථාවේදී අල්ලාහ් හැර, ඔවුන් ආරාධනා කරමින් සිටි දෙවිවරුන්ගෙන් කිසිවක් ඔවුන්ට කිසිම ප්‍රයෝජනයක් අත් කර දුන්නේ නැත. තවද පරාජයම ඒවා ඔවුන්ට වැඩි කර දුන්නේය.

අපි ඔවුන් විනාශ කිරීම තුළින් ඔවුනට අසාධාරණයක් නොකළෙමු. අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම හේතුවෙන් විනාශයේ කරුණු ගෙනැවිත් අපරාධ කර ගත්තේ ඔවුනටමය. අහෝ දූතය! ඔවුන් විනාශ කරන මෙන් වූ නුඹේ පරමාධිපතිගේ නියෝගය පැමිණි විට ඔවුනට පහළ වූ දඬුවමින් ඔවුන් වළක්වාලන්නට අල්ලාහ් හැර ඔවුන් නැමදිමින් සිටි ඔවුන්ගේ දෙවිවරුන් සමත් වූයේ නැත. මෙය ඔවුන්ගේ දෙවිවරුන්ට අලාභහානිය මිස වෙනත් කිසිවක් ඔවුනට අධික කළේ නැත.

102

وَكَذَٰلِكَ أَخْذُ رَبِّكَ إِذَآ أَخَذَ ٱلْقُرَىٰ وَهِىَ ظَٰلِمَةٌ ۚ إِنَّ أَخْذَهُۥٓ أَلِيمٌۭ شَدِيدٌ

අපරාධ කරන රටවැසියන්ව (ඔවුන්ගේ අපරාධයේ හේතුවෙන්) ඔබගේ දෙවියන් අල්ලා ගැනීමට අදහස් කළහොත් මේ අන්දමටම ඔහු අල්ලා ගනු ඇත. මන්දයත් නියත වශයෙන්ම ඔහුගේ ග්‍රහණය ඉතාමත් දරුණු වන අතර වේදනා ගෙන දෙන්නක් වශයෙන්ද ඇත්තේය.

සෑම කාලයකම හා ස්ථානයකම බොරු කරමින් සිටි ගම්මාන අල්ලාහ් මුලිනුපුටා දමමින් ග්රහණය කළේ එලෙසමය. අපරාධකාරී ගම්මාන අල්ලාහ් ග්රහණය කිරීම ඉතා බලවත් මෙන්ම වේදනීය ග්රහණයක් වන්නේය.

103

إِنَّ فِى ذَٰلِكَ لَءَايَةًۭ لِّمَنْ خَافَ عَذَابَ ٱلْءَاخِرَةِ ۚ ذَٰلِكَ يَوْمٌۭ مَّجْمُوعٌۭ لَّهُ ٱلنَّاسُ وَذَٰلِكَ يَوْمٌۭ مَّشْهُودٌۭ

පරලොව දඬුවමට බිය වන අයට නියත වශයෙන්ම මෙහි ඉතාමත් හොඳ සාධකයක් ඇත. මිනිසුන් සියල්ල ඒකරාශී කරන දිනයකි එය. තවද ඔවුන් සියල්ල (දෙවියන්ගේ සන්නිධානයට) ගෙන එනු ලබන දිනයද වන්නේය.

මෙම අපාරධකාරී ගම්මාන අල්ලාහ් බිහිසුණු ලෙස ග්රහණය කිරීමෙහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවමට බිය වන්නන්හට පාඩමක් හා උපදෙසක් ඇත. එය මිනිසුන් සියලු දෙනාම විනිශ්චය සඳහා අල්ලාහ් එක්රැස් කරන දිනයයි. එසේ එක්රැස් කරනු ලබන ජනයා සාක්ෂි දරන දිනයයි.

104

وَمَا نُؤَخِّرُهُۥٓ إِلَّا لِأَجَلٍۢ مَّعْدُودٍۢ

ටික දිනකට මිස, එය අපි කල් දමා තැබුවේ නැත.

සාක්ෂි දරනු ලබන එම දිනය නියමිත කාලයක් දක්වා මිස අපි ප්රමාද නොකරමු.

105

يَوْمَ يَأْتِ لَا تَكَلَّمُ نَفْسٌ إِلَّا بِإِذْنِهِۦ ۚ فَمِنْهُمْ شَقِىٌّۭ وَسَعِيدٌۭ

එය පැමිණෙන දිනදී ඔහුගේ අනුමැතියෙන් තොර කිසිම මිනිසෙකු (ඔහු සමග) කතා කළ නොහැක. ඔවුන්ගෙන් අභාග්‍යවන්තයින්ද ඇත. භාග්‍යවන්තයින්ද ඇත.

එදින උදාවන දිනයේ අල්ලාහ්ගේ අවසරයෙන් තොරව කිසිදු ආත්මයක් කිසිදු මැදිහත් වීමක් හෝ සාක්ෂි දැරීමක් වශයෙන් කතා නොකරනු ඇත. එහි දී මිනිසුන් වර්ග දෙකකට බෙදී සිටිති. අභාග්ය වන්තයින් අපා ගින්නට පිවිසෙති. භාග්ය වන්තයින් ස්වර්ග උයනට පිවිසෙති.

106

فَأَمَّا ٱلَّذِينَ شَقُوا۟ فَفِى ٱلنَّارِ لَهُمْ فِيهَا زَفِيرٌۭ وَشَهِيقٌ

අභාග්‍යවන්තයින් නිරයෙහි (වැටෙන්නට සලස්වනු ඇත. වේදනාව දරා ගත නොහැකිව) එහි ඔවුන් ඉමහත් සේ ශබ්ද නගා ෙදාඩවනු ඇත.

අභාග්ය වන්තයින් ඔවුන්ගේ ප්රතික්ෂේපය හා ඔවුන්ගේ ප්රචණ්ඩ ක්රියා හේතුවෙන් අපාය ගින්නට පිවිසෙති. එහි ගින්නෙන් පීඩා විඳීමේ බිහිසුණුකම හේතුවෙන් ඔවුන්ගේ හඬවල් හා ඔවුන්ගේ ආත්මාවන් උස් හඬින් මොර දෙනු ඇත.

107

خَٰلِدِينَ فِيهَا مَا دَامَتِ ٱلسَّمَٰوَٰتُ وَٱلْأَرْضُ إِلَّا مَا شَآءَ رَبُّكَ ۚ إِنَّ رَبَّكَ فَعَّالٌۭ لِّمَا يُرِيدُ

ඔබගේ දෙවියන් අදහස් කළහොත් මිස, අහස්ද භූමියද, ස්ථීරව තිඛෙණ කාලය දක්වා එහි ඔවුන් රැඳී සිටිනු ඇත. නියත වශයෙන්ම ඔබගේ දෙවියන් තමන් කැමති දැය (බාධාවකින් තොරව) ක්‍රියාත්මක කර අවසන් කරනු ඇත.

එහි ඔවුන් සදා රැඳී සිටිති. දේව ඒකීයත්වය පිළිගත් අය අතර පසුවන අපරාධකරුවන් අතරින් ඉන් බැහැර කිරීමට අල්ලාහ් අභිමත කළ අය හැර සෙසු අය අහස් හා මහපොළොව පවතින තාක් කල් එයින් බැහැර නොවෙති. "අහෝ දූතය! සැබැවින්ම නුඹේ පරමාධිපති, ඔහු පතන දෑ සිදු කරන්නාය. ඔහු ව වළක්වන කිසිවෙකු නැත."

108

۞ وَأَمَّا ٱلَّذِينَ سُعِدُوا۟ فَفِى ٱلْجَنَّةِ خَٰلِدِينَ فِيهَا مَا دَامَتِ ٱلسَّمَٰوَٰتُ وَٱلْأَرْضُ إِلَّا مَا شَآءَ رَبُّكَ ۖ عَطَآءً غَيْرَ مَجْذُوذٍۢ

භාග්‍යවන්තයින් ස්වර්ගයෙහි (ඇතුළු වනු ඇත). ඔබගේ දෙවියන් අදහස් කළහොත් මිස, අහස්ද භූමියද ස්ථීරව තිඛෙණ තුරු එහිම ඔවුන් රැඳී සිටිනු ඇත. (එය) අවසානයකින් තොර (සැමදා ස්ථීර වූ) එක් වරප්‍රසාදයක් වන්නේය.

තමන්ගේ විශ්වාසය හා දැහැමි ක්රියාවන් හේතුවෙන් අල්ලාහ්ගෙන් වූ සතුට තමන් ඉක්මවා ගිය භාග්යවන්තයින් වනාහි අහස් හා මහපොළොව පවතින තාක් කල් එහි සදා රැඳෙන්නන් වෙති. නමුත් දෙවියන් විශ්වාස කරන්නන් අතර සිටි පාපී ජනයා අතරින් ස්වර්ගයට පිවිසීමට පෙර නිරයට ඇතුළත් කිරීමට අල්ලාහ් අභිමත කළ අය හැර. සැබැවින්ම ස්වර්ග වාසීන් සඳහා වූ අල්ලාහ් විසින් පිරිනමන ප්රමෝදය ඔවුන්ගෙන් විසන්ධි වී යන්නක් නොවේ.

109

فَلَا تَكُ فِى مِرْيَةٍۢ مِّمَّا يَعْبُدُ هَٰٓؤُلَآءِ ۚ مَا يَعْبُدُونَ إِلَّا كَمَا يَعْبُدُ ءَابَآؤُهُم مِّن قَبْلُ ۚ وَإِنَّا لَمُوَفُّوهُمْ نَصِيبَهُمْ غَيْرَ مَنقُوصٍۢ

(නබියේ! සමානයන් තබා නමදින) මොවුන්, නමදින දැය ගැන (මොවුන් වෙත යම්කිසි සාධකයක් ඇත්දෝ යයි) ඔබ සැක නොසිතනු. (කිසිම සාධකයක් නැත). මෙයට පෙර මොවුන්ගේ මුතුන් මිත්තන් නමදිමින් සිටි අන්දමටම මොවුන්ද (කිසිම සාධකයක් නොමැතිවම) නමදින්නාහ. මොවුන්ගේ (දඬුවමේ) කොටස (මොවුන්ගේ මුතුන් මිත්තන්ට ලබා දුන් අන්දමටම) මොවුන්ටද පූරණ වශයෙන් කිසිම අඩුපාඩුවකින් තොරව නියත වශයෙන්ම අපි දෙන්නෙමු.

අහෝ දූතය! මෙම දේව ආදේශකයින් නමදින දෑහි ප්රචණ්ඩත්වය ගැන නුඹ සැකයෙහි පසු නොවනු. එය නිවැරදි යැයි සහතික කරන බුද්ධිමය හෝ ආගමික කිසිදු සාධකයක් ඔවුනට නැත. අල්ලාහ් නොවන දෑට ඔවුන් නැමදුම් කිරීම සඳහා ඔවුන් දරා සිටිනුයේ ඔවුන්ගේ මුතුන් අනුගමනය කිරීමය. සැබැවින්ම කිසිදු අඩුවකින් තොරව ඔවුන් අයත් විය යුතු දඬුවම ඔවුනට භුක්ති විඳින්නට සළස්වමු.

110

وَلَقَدْ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَٰبَ فَٱخْتُلِفَ فِيهِ ۚ وَلَوْلَا كَلِمَةٌۭ سَبَقَتْ مِن رَّبِّكَ لَقُضِىَ بَيْنَهُمْ ۚ وَإِنَّهُمْ لَفِى شَكٍّۢ مِّنْهُ مُرِيبٍۢ

නියත වශයෙන්ම අපි මූසාට එක් ධර්මයක් දී තිබුනෙමු. (මෙම කුර්ආනයෙහි මොවුන් මතභේද ඇති කර ගන්නා ආකාරයටම) එහිද ඔවුන් මතභේද ඇති කර ගත්හ. (ඔවුන් දඬුවම් අත් කර ගන්නා කාලය විනිශ්චය දිනදී යයි) ඔබගේ දෙවියන්ගේ පොරොන්දුව කළින්ම ඇති වූවේ නැතිනම්, (මෙලොවදීම) මොවුන්ගේ කාරණාව අවසන් වන්නට ඉඩ තිබුණි. නියත වශයෙන්ම (මක්කාවාසීන් වන) මොවුන්ද (මෙම කුර්ආනය ගැන අවුල් සහගත) සැකයෙහි සිටින්නාහ.

සැබැවින්ම අපි මූසාට තව්රාතය පිරිනැමුවෙමු. ජනයා එහි මතභේද ඇති කර ගත්තෝය. ඔවුන්ගෙන් පිරිසක් එය විශ්වාස කළ අතර තවත් පිරිසක් ප්රතික්ෂේප කළෝය. දඬුවම ඉක්මන් නොකරන බවටත් එය යම් කිසි ප්රඥාවක් මත මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා ප්රමාද කරන බවටත් අල්ලාහ්ගේ නියමය ඉක්මන් නොවී නම් ඔවුනට උරුම වූ දඬුවම මෙලොවෙහිම ඔවුනට පහළ වනු ඇත. සැබැවින්ම යුදෙව්වන් හා දෙවියන්ට ආදේශ තබන්නන් අතර සිටින දෙවියන් ප්රතික්ෂේප කරන්නන් අල් කුර්ආනයෙහි සැකයක් ඇති බවට සැකයෙහි පසුවෙති.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.